චීනය විශිෂ්ට ලෙස ලොවට මඟපෙන්වමින් සිටින බව පාකිස්ථාන ජනපති කියයි
2023-03-18 17:09:34
Share with:

පාකිස්ථාන ජනාධිපති Arif Alvi මහතා පසුගිය දා චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා. ඔහු එහිදී පෙන්වා දුන්නේ, ෂී ජින් පිං මහතා යළි චීන ජනාධිපති ධුරයට පත්වීම තුළින් ඔහුගේ රාජ්‍ය පාලනය යටතේ චීනය ලද  දැවැන්ත ජයග්‍රහණ හා මහජනතාව චීන කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි දක්වන ඉහළ විශ්වසනීයත්වය මැනැවින් පිළිබිඹු කෙරෙන බවයි.  ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ ජාත්‍යන්තර වශයෙන් චීනය මනා ප්‍රතිරූපයක් හිමිකර ගෙන තිබෙනවා. මානවයාගේ අනාගත සංවර්ධනය පිළිබඳ මාර්ගෝපදේශයක් චීනය ලබා දී තිබීම ද සුවිශේෂ කරුණක් බව  Arif Alvi මහතා පෙන්වා දෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2013 වසරේ දී ප්‍රථම වරට පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොනැංවීම පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළා. Arif Alvi මහතා‍ පෙන්වා දෙන්නේ, චීනය මෙම සංකල්පය තුළින් ලෝක සංවර්ධනය සඳහා විශිෂ්ට ලෙස මඟ පෙන්වමින් සිටින බවයි. චීනයට ඉහළ පැසසුම් හිමිවිය යුතු තවත් ශක්‍යතාවක් නම් දිළිඳුකම තුරන් කිරීම සඳහා දැක්වූ ප්‍රශස්ත හැකියාවයි. මේ සම්බන්ධයෙන්, පාකිස්ථානයට පමණක් නොව, ලෝකයට ද චීනය ආදර්ශයක් වී තිබෙනවා.

මෙම වසර, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සර වසරයි. එසේ ම, චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ගොඩනැගීමේ 10 වැනි සංවත්සරය ද මෙම වසරට යෙදෙනවා. මේ පිළිබඳව පාකිස්ථාන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතීන් තම රටේ ජනතාව ගේ පැසසුමට ලක් වූ බවයි. එමෙන් ම, චීනය මෙම වැඩපිළිවෙළ අප්‍රිකාවටත්, මැදපෙරදිග කලාපයටත් හඳුන්වා දී තිබෙනවා. චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය සමස්ත රටවල සහයෝගිතා අපේක්ෂා කරන බව  ද හෙතෙම අවධාරණය කරනවා. පාකිස්ථානය හා චීනය අතිශය ශක්තිමත් මිත්‍රවරුන් බව පවසන ජනාධිපතිවරයා ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඉදිරිපත් කළ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට අත්වැල් බැඳගෙන චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව නව ඉහළ මට්ටමකට රැගෙන යා යුතු බව ද කියා සිටිනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම