ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය සාධාරණීකරණය කරමින් විදෙස් සමාගම් මර්දනය නතර කරන්නැයි චීනය අදාළ රටවලින් ඉල්ලයි
2023-03-18 17:05:09
Share with:

ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය සාධාරණීකරණය හා අපයෝජනය නතර කරන්නැයි චීනය අදාළ රටවලින් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා ඊයේ(17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

නවසීලන්තය සහ බ්‍රිතාන්‍යය රජයේ උපාංගයන් හි TikTok සමාජ මාධ්‍ය වේදිකාව තහනම් කරන බව නිවේදනය කර ඇත. ඒ පිළිබඳව වං වෙන්බින් මහතා පැවසුවේ, දත්ත ආරක්ෂණ ගැටළු, ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය සාධාරණීකරණය කිරීමේ මෙවලමක් ලෙස භාවිත නොකළ යුතු බව චීනය සෑමවිටම කියා සිටින බවයි.

වෙළඳපොළ ආර්ථික රෙගුලාසි දැඩි ලෙස පිළිපදින ලෙසත්, විවිධ රටවල සමාගම් සඳහා සාධාරණ, විනිවිද සහ වෙනස් කොට සැලකීමකින් තොර ව්‍යාපාරික පරිසරයක් සපයා දෙන ලෙසත් චීනය අදාළ රටවලින් ඉල්ලා සිටින බව ද වං වෙන්බින් මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම