චීන විදේශ අමාත්‍යවරයා සහ පාකිස්තාන විදේශ ලේකම්වරයා අතර හමුවක්
2023-03-18 18:53:37
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය  Qin Gang  මහතා පාකිස්තාන විදේශ ලේකම් Asad Majeed Khan මහතා හමුවෙයි.  

එම හමුව  ඊයේ ( 17) බෙයිජිං අගනුවර දී පැවැත්විණ.

චීනයේ වැදගත් කරුණු සම්බන්ධයෙන් පාකිස්තානය දක්වන ප්‍රශස්ත සහයෝගයට Qin Gang මහතා මෙහිදී ස්තුතිය පුදකළේය. දෙරට නායකයන් එළඹුණු එකඟතා ක්‍රියාවට නංවා, මිත්‍රශීලී සහයෝගිතාව නොසැලී ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම පැවසීය. එසේම, චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව ඉදිකිරීම මෙන්ම දෙරට අතර සර්ව පාර්ශ්වීය සහයෝගිතා ප්‍රවර්ධනයේ දී වැඩි ප්‍රගතියක් සඳහා ගාමක බලය සැපයීමට චීනය සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා කියාසිටී.

චීනය සමඟ ඇති සබඳතාව වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව ලෙස සලකන පාකිස්තානය, එකම චීනය ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරන බව Asad Majeed Khan මහතා මෙහිදී  පැවසීය. විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත්  පුළුල් කොට උපායමාර්ගික හවුල්කාරීත්වය නිරන්තරයෙන් තහවුරු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම