14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ති සැසියේ දී චීන ජනපති කළ දෙසුමට ඉහළ ප්‍රතිචාර
2023-03-18 15:31:18
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ති සැසියේ දී චීන ජනාධිපතිවරයා කළ දේශනයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල මධ්‍යම කාරක සභා, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලනය සහ නිර්පාක්ෂික පුද්ගලයන්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමිවෙයි.  

නව ගමනේ දී, ෂී ජින් පිං ජනාධිපතිවරයා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සමඟ ඉහළ මට්ටමේ සහයෝගයක් දිගටම පවත්වා ගනිමින්, සමස්ත අවශ්‍යතා සමඟ බහු පක්ෂ සහයෝගිතා ශක්තීන් ඒකාබද්ධ කර ඉදිරියට ගමන් කරන බව ඔවුහු පැවසූහ.

ෂී ජින් පිං මහතාගේ එම දේශනය නව ගමනක් පිළිබඳ දේශපාලන ප්‍රකාශයක් පමණක් නොව, ශක්තිමත් රටක් ගොඩනැගීමට සහ ජාතිය පුනර්ජීවනය කිරීමට අදාළ බලමුලු ගැන්වීමේ නියෝගයකි. ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ජාතියේ මහා පුනර්ජීවනය පිළිබඳ චීන සිහිනය සැබෑ වනු නිසැක යැයි  ඔවුහු අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම