චීන ජනපතිගේ රුසියානු නිල චාරිකාව මිත්‍රශීලී සංචාරයක් බව චීනය කියයි
2023-03-17 17:28:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියේ දී එක්වන රුසියානු නිල චාරිකාව, මිත්‍රශීලී සහයෝගිතාවයෙන් යුතු, සාමකාමී සංචාරයක් බව චීනය කියයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශ Wang Wenbin මහතා අද (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේ ය.

ද්විපාර්ශ්වික සබඳතාව සහ පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ගැටළු සම්බන්ධයෙන් නායක දෙපළ එහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගනු ඇත. උපායමාර්ගික හා ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කිරීම තුළින්, දෙරට සබඳතාවට මනා ගාමක බලයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද Wang Wenbin මහතා පවසයි.

පෙර නොවූ ආකාරයේ කැළඹීම් සහිත යුගයකට වත්මන් ලෝකය පිවිස ඇත. ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් මෙන්ම ලොව ප්‍රධාන හා දැවැන්ත රටවල් ලෙස, චීන-රුසියානු සබඳතාවේ වැදගත්කම ද්විපාර්ශ්විකත්වය ඉක්මවා යන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කියාසිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම