චීන හා යුක්රේන විදේශ අමාත්‍යවරු දුරකථන සංවාදයක නිරත වෙති
2023-03-17 10:29:59
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික, විදේශ අමාත්‍ය Qin Gang හා යුක්රේන විදේශ අමාත්‍ය Dmytro Kuleba යන මහත්වරුන් අතර ඊයේ(16) දුරකථන සංවාදයක් පැවැත්විණ. Qin Gang මහතා එහි දී පැවසුවේ පසුගිය වසර 31 තුළ පැවති දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය, චීන යුක්රේන සබඳතාවය වර්ධනීය ප්‍රවේශයකට ගෙන ගිය අතර දෙරටේ ප්‍රායෝගික සහයෝගිතාවයට යහපත් පදනමක් හා විශාල විභවයක් සපයන බවයි. චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණය සාක්ෂාත් කිරීමෙන් දෙරටේ අන්‍යෝන්‍ය වාසි සහගත සහයෝගිතාවයට වඩාත් පුළුල් අවස්ථා සැපයෙනු ඇති බව ද හෙතෙම අවධාරණය කළේය. චීනය යුක්රේනයේ වැදගත් සහයෝගීතා හවුල්කාරී රටක් පමණක් නොව ජාත්‍යන්තර කටයුතුවල දී කිසිවිටක බැහැර කළ නොහැකි තීරණාත්මක ප්‍රබල රටක් බව Dmytro Kuleba මහතා එහි දී පැවසීය. යුක්රේනයට චීනය ලබා දුන් මානව හිතවාදී සහය පිළිබඳ Dmytro Kuleba මහතා සිය ස්තූතිය පළ කළේය.  චීනය විසින් නිකුත් කරන ලද "යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුම පිළිබඳ චීනයේ ස්ථාවරය" යන ලේඛනයෙන් පිළිබිඹු වන්නේ චීනය සටන් විරාමය ප්‍රවර්ධනය කිරීමට ලබා දෙන අවංක දායකත්වයයි. චීනය සමග ඉදිරියටත් ශක්තිමත් සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

සංවාද සහ සාකච්ඡාවන් පැවැත්වීමට යුක්රේනය හා රුසියාව බලාපොරොත්තු තබා ගනිමින් විශාල අසීරුතා හා අභියෝග වලට මුහුණ දුන්න ද දේශපාලනිකව අර්බුදය විසඳීමේ ක්‍රමය අත්නොහරිනු ඇතැයි චීනය බලාපොරෝතු වන බව  Qin Gang මහතා පැවසීය. සටන් විරාමය හා සාමය යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් චීනය අඛණ්ඩව අර්ථාන්විත වූ දායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම