පළාත් පාලන ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් 23 වැනිදා
2023-03-17 15:35:40
Share with:

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති ප්‍රධාන දේශපාලන පක්‍ෂ සමග විශේෂ සාකච්ඡාවක් ලබන 23 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එම කොමිසම ඊයේ (16) රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගනු ලැබීය. ඉදිරි දිනවල ඒ පිළිබඳව අදාළ දේශපාලන පක්‍ෂ දැනුවත් කෙරෙනු ඇත. 

මේ අතර, පළාත් පාලන ආයතන 340 ක නිල කාලය 19 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. ඉන්පසු එම පළාත් පාලන ආයතන නාගරික කොමසාරිස්වරුන්, පළාත් කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් යටතේ පාලනය කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම