දින දෙකක් තුළ ඇමරිකාවේ යළිත් දුම්රිය පීලිපැනීමේ අනතුරු තුනක්
2023-03-17 17:00:43
Share with:

දින දෙකක් තුළ ඇමරිකාවේ තවත් දුම්රිය පීලිපැනීමේ අනතුරු තුනක් සිදු ව තිබේ.

පසුගිය 15,16 දෙදින ඇමරිකාවේ ඇරිසෝනා, ඔරිගන් සහ වොෂින්ටන් ප්‍රාන්තවල තවත් දුම්රිය තුනක් පීලි පැන ඇත.

වසර ගණනාවක් තිස්සේ ඇමරිකාව පිරිවැය අඩුකර ලාභය වැඩි කරගැනීම සඳහා, විවිධ අනාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් බොහෝ උපද්‍රව සිදු ව තිබේ. ඒ අතරම, ෆෙඩරල් පාලකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ එක්ව අනිසි වාසි ලබාගැනීමේ ජාලයක් ගොඩනගා ගැනීම සඳහා දුම්රිය මාර්ග සමාගම් විශාල මුදල් සම්භාරයක් වියදම් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අක්‍රමවත් නියාමනයක් හටගෙන තිබේ.

පසුගිය වසරේ පමණක් ඇමරිකාවේ දුම්රිය පීලිපැනීම් 1000 කට වඩා සිදු ව ඇති බව එරට ෆෙඩරල් දුම්රිය කළමනාකරණ පරිපාලනයේ දත්ත වාර්තාවල දැක්වේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම