ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට ශක්තිමත් ප්‍රවේශයක් සපයන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා පවසයි
2023-03-17 09:25:40
Share with:

ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යනු ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ගෝලීය ආරක්ෂක මුලපිරුමෙන් පසු නව යුගයේ ජාත්‍යන්තර ප්‍රජාවට චීනය සපයන තවත් වැදගත් පොදු නිපැයුමකි. එය මානව නවීකරණ ක්‍රියාවලිය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශක්තිමත් සහ ධනාත්මක උත්තේජනයක් ඇති කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

පසුගිය 15වැනිදා පැවති චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රථම වරට ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම සංකල්පය යෝජනා කළේය.  අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්, Wang Wenbin මහතා පැවසුවේ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම යෝජනා කිරීමේ සිට ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යෝජනා කිරීම දක්වා චීනය සෑමවිටම ලෝක සාමය ගොඩනඟන්නෙකු, ගෝලීය සංවර්ධනයට දායකයෙකු, ජාත්‍යන්තර ස්ථාවරත්වය ආරක්ෂා කරන්නෙකු සහ මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය ප්‍රවර්ධනය කරන්නෙකු ලෙස කටයුතු කරන බවයි. “මානව වර්ගයාගේ ප්‍රගතිය සහ ලෝකය සඳහා සහජීවනය සාක්ෂාත් කිරීම” යන මෙහෙවරට චීනය සෑමවිටම කැපවී සිටින බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම