දකුණු කොරියාව හා ජපානය යළි සබඳතා පැවැත්වීමට එකඟ වෙයි
2023-03-17 13:19:50
Share with:


ජපානය හා දකුණු කොරියාව අතර සම්බන්ධතාවය විධිමත් වී ඇතැයි ප්‍රකාශය කෙරේ.

ජපාන අගමැති Fumio Kishida මහතා හා දකුණු කොරියානු ජනාධිපති Yoon Seok-Youl මහතා ඊයේ(16) ටෝකියෝහිදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ ප්‍රකාශ කළහ. එම සාකච්ඡාවේදී දෙරටේ නායක හමුවීම් ක්‍රමවේදය, ආරක්ෂක හා ආර්ථික සංවාද යළි ආරම්භ කිරීම පිළිබඳව දෙපාර්ශ්වය එකඟතාවන්ට එළඹී තිබෙන බව ද හෙලි කෙරිණ.

දෙවන ලෝක යුද සමයේදී ජපානය විසින් කොරියාවේ කම්කරුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම පිළිබඳ වන්දි ගෙවීමේ සැලැස්ම පසුගිය 6වනදා දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් පළ කරන ලදි. ඒ අනුව දකුණු කොරියානු පරිපාලන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් මූල්‍ය කණ්ඩායම විසින් මුදල් එක්රැස් කොට විත්තිකාර ජපාන ව්‍යාපාර වෙනුවෙන් ගොදුරුවූවන්ට වන්දි ගෙවීමට නියමිතය. එය ද මෙවර නායක සාකච්ඡාවට පූර්ණ කොන්දේසියක් විය.

ඊයේ(16) ජපාන පුරවැසියන් රැසක් ජපාන අගමැති මන්දිරයට ආසන්නව විරෝධතා පළ කළහ. දෙරටේ රජයන් විපතට ගොදුරුවූවන්ට මද සැලකිල්ලක් පමණක් දැක්වූ බවට අදහස් දැක්වූ ඔවුහු විපතට පත්වූවන්ට සිදු කළ වැරැද්ද පාපෝච්චාරණය කර වන්දි ගෙවන ලෙස අදාල ජපාන ව්‍යාපාරවලින් හා ජපාන රජයෙන් ඉල්ලා ඇත. ඇමරිකාව සමග ජපානය හා දකුණු කොරියාව හමුදාමය සන්ධානය ශක්තිමත් කිරීම ද එහිදී ඔවුන්ගේ දැඩි විරෝධයට ලක් විය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම