මෙරට දරුවන් වෙනුවෙන් ජපානයෙන් ඩොලර් මිලියන 1.8ක ආධාර
2023-03-17 14:17:39
Share with:

මෙරට වඩාත් අවදානමට ලක්වන දරුවන් වෙනුවෙන් ලබාදීම සඳහා යුනිසෙෆ් සංවිධානය වෙත ඩොලර් මිලියන1.8 කට අධික මුදලක් පිරිනැමීමට ජපාන රජය පියවර ගෙන තිබේ.

මෙම අරමුදල් මගින් ලක්ෂ 06 කට ආසන්න දරුවන් සඳහා පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නියමිතය.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ දරුවෝ දැඩිලෙස බලපෑමට ලක්ව සිටිති. ඉන් වැඩි පිරිසක් අඩු ආදායම්ලාභී පවුල්වල අය යි. පසුගිය වර්ෂයේ ආර්ථික අර්බුදය ආරම්භයේ පටන් ජපාන රජය යුනිසෙෆ් ආයතනය මගින් ලබා දුන් මුළු ආධාර ප්‍රමාණය මේවනවිට ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ඉක්මවා ඇති අතර, ජපානය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය දක්වන බව ද දන්වා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම