දේශසීමා කලාපයන්හි ගුණාත්මක සංවර්ධනය ප්‍රවර්ධනයට නව ප්‍රතිපත්ති සහ පියවර හඳුන්වා දෙයි
2023-03-17 10:22:40
Share with:

දේශසීමා හා අන්තර් දේශසීමා ආර්ථීක සහයෝගිතා කලාපයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ක්ෂේත්‍ර 15ක ප්‍රතිපත්ති නිකුත් කරයි.

පසුගිය දා චීන වාණිජ අමාත්‍යංශය ඇතුළු අංශ 17ක් විසින් ඒකාබද්ධව එම නිවේදනය නිකුත් කෙරිණ.දේශසීමා හා අන්තර් දේශසීමා ආර්ථික සහයෝගිතා කලාපයන්හි ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය තහවුරු කිරීම එහි අරමුණයි. එහි පූර්ණ සැලසුම ප්‍රශස්ත කර, ප්‍රතිසංස්කරණ පද්ධතිය කාර්යක්ෂම ලෙස සම්බන්ධීකරණය කරමින් කටයුතු කිරීම සඳහා එම නිවේදනය නිකුත් කෙරිණ.

චීන වාණිජ්‍ය අමාත්‍යංශය, චීන කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටු කාර්යාලය, විදේශ අමාත්‍යංශය, ජාතික සංවර්ධන ප්‍රතිසංස්කරණ කමිටුව ඇතුළු අදාළ අංශ 17ක් ඊට ඇතුළත් විය. එම නිවේදනයට අනුව, දේශසීමා ප්‍රදේශවල වෙළඳපොල, නිෂ්පාදනය හා සැකසුම, නිෂ්පාදන සේවා, භාණ්ඩ ප්‍රවාහන හා අලෙවිය යන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කරමින් උසස් පෙළේ දේශසීමා විවෘත වේදිකාවක් ලෙස දේශසීමා හා අන්තර් දේශසීමා ආර්ථීක සහයෝගිතා කලාපය සංවර්ධනය කෙරෙනු ඇත. එමගින් දේශසීමා ප්‍රදේශය සමෘද්ධිමත් වී ජනතාවගේ ආදායම් වඩාත් ශක්තිමත් කෙරෙන අතර එම ප්‍රදේශවල ස්ථාවරත්වය ද තහවුරු කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම