ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව තම භූ දේශපාලනික අවශ්‍යතා න්‍යෂ්ටික අවිහරණ වගකීමටත් වඩා ඉහළින් තැබීම නැවැත්විය යුතු බව චීනය අවධාරණය කරයි
2023-03-17 17:14:18
Share with:

ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව ඊනියා ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරිත්වය ස්ථාපිත කිරීම සීතල යුද මානසිකත්වයක් බවත්, එය කලාපීය සහ ලෝක සාමයට හා  ආරක්ෂාවට බරපතල බලපෑමක් එල්ල කරන බවත් චීනය කියයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

  ජාත්‍යන්තර ප්‍රජාවේ සහ කලාපීය රටවල ඉල්ලීමට අවනත විය යුතු එම රටවල්, තම භූ දේශපාලනික අවශ්‍යතා, න්‍යෂ්ටික අවි භාවිතය පුළුල් නොකිරීමේ වගකීමටත් වඩා ඉහළින් තැබීම නැවැත්විය යුතු යැයි  Wang Wenbin අවධාරණය කළේය.

ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු සන්ධානය විසින් න්‍යෂ්ටික සබ්මැරීන තැනීම නේටෝවේ මිලිටරි යටිතල ව්‍යුහය ආසියාවට ව්‍යාප්ත කිරීමක් වන අතර, එය ආසියානු කලාපයේ ගැටුමක් සඳහා මගපෑදීමට ඉඩ ඇතැයි ද  රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි  ලැව්රොව් මහතා පසුගියදා පවසා තිබේ .

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම