මානව වර්ගයාගේ අනාගත යහපැවැත්ම වෙනුවෙන් චීනය ජගත් ප්‍රජාවට දායාද කළ නවීකරණය ප්‍රවේශය සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම
2023-03-17 11:04:00
Share with:

                 

                  නවීකරණය කරා ගමන් කිරීම ජගත් ප්‍රජාවේ පොදු අවශ්‍යතාවයකි. විවිධ රටවල පවතින විවිධ ඓතිහාසික හා සංස්කෘතික පසුබිම් හා සංවර්ධන අදියර වෙනස් වන බැවින් නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා එම රටවල් මුහුණ දී සිටින්නේ විවිධ අභියෝගවලට ය.

                  ලොව වැඩිම සාමාජිකයන් සිටින දේශපාලන පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මානව සමාජය නවීකරණයට ප්‍රවේශ විය යුතු මඟ පෙන්වා දී ඇත. ඒ, පසුගිය දා චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයට එක් වෙමින් ප්‍රධාන දේශනය පැවැත් වූ අවස්ථාවේදී ය. මහජනතාවගේ අවශ්‍යතාවයන්ට සෑමවිටම ප්‍රමුඛස්ථානයක් දීම, නවීකරණයේ දී පිළිපැදිය යුතු මූලධර්මයක් බව චීන ජනාධිපතිවරයා  එහි දී අවධාරණය ක‍ළේ ය. නවීකරණය සාක්ෂාත් කර ගැනීමට විවිධ ක්‍රමවේද ඇත. තමන්ට ආවේණික ක්‍රමවේදයක් සොයා ගැනීමට නිවහල් හා ස්වාධීන වීම අවශ්‍ය වේ. එමෙන්ම නවීකරණ ක්‍රියාදාමය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොසැලෙන නිර්මාණශීලිත්වය ද අවශ්‍ය වන බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. නවීකරණ‍ය තුළින් යහපත් ප්‍රතිඵල අත්කර ගතහොත් එය හුදකලාව නොව සෙසු පාර්ශ්වයන් සමග බෙදා ගත යුතු බවත්, අධිෂ්ඨානශීලිව නවීකරණය කරා ගමන් කිරීමේ දී නිවැරදි නායකත්වය සහතික කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

                මානව සමාජය නවීකරණය කරා පරිවර්තනය වීමේ දී විවිධ රටවල් තුළ විවිධ ශිෂ්ටාචාර බිහි වී තිබේ. පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා  ප්‍රථම වරට ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ඉදිරිපත් කළේ ය. විවිධ ශිෂ්ටාචාරයන්ගේ විවිධත්වයට ගරු කරමින් ජාත්‍යන්තර වශයෙන් සංස්කෘතික හුවමාරු ශක්තිමත් කරන ලෙස හෙතෙම එම මුලපිරුම මගින් ජගත් ප්‍රජාවට ආරාධනා කර ඇත. ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යනු පොදු  ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය, ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුමට අමතරව චීනය ජගත් ප්‍රජාවට දායාද කළ තවත් වැදගත් සංකල්පයක් බව ජගත් විචාරක මතය වේ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම