"නෝර්ඩ් ස්ට්‍රීම්" ස්වභාවික ගෑස් නල මාර්ගයට හානි කිරීම රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ජර්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති
2023-03-16 13:45:18
Share with:

ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ ගවේෂණාත්මක වාර්තාකරුවෙකු වන Seymour Hersh මහතා ,  ඇමරිකාව විසින් "නෝර්ඩ් ස්ට්‍රීම්" ස්වභාවික ගෑස් නල මාර්ගයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ නිකුත් කළ පුවත ජර්මනියේ දැඩි කනස්සල්ලට හේතු විය. චීන මාධ්‍ය සමූහය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජර්මන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී Steffen Kotré මහතා ප්‍රකාශ කළේ  "නෝර්ඩ් ස්ට්‍රීම්"  ස්වාභාවික ගෑස් නල මාර්ගය විනාශ කිරීම ඇමරිකාවට වාසිදායක වූ බවයි. එම ප්‍රහාරය පිටුපස ඇමරිකාව සිටින බවට දැනටමත් සාක්ෂි රැසක් ලැබී ඇත. එය රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ද හෙතෙම සඳහන් කළේය.

"නෝර්ඩ් ස්ට්‍රීම්"  ස්වාභාවික ගෑස් නල මාර්ගය විනාශ කිරීමට අමතරව, රුසියා-යුක්රේන ගැටුම හා එම ගැටුම්වලින් ඇති වූ බාහිර බලපෑම් හේතුවෙන් ජර්මනිය ඇතුළු යුරෝපා සංගමයේ සාමාජික රටවල් දරුණු අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටී.

නේටෝ සංවිධානයට ඇතුළත් වීමට යුක්රේනය පොළඹවා ගැනීම සම්බන්ධයෙන් Steffen Kotré මහතා ඇමරිකාවට චෝදනා කළේය. රුසියාව හා යුක්රේනය අතර ගැටළු ඇති කරන ඇමරිකාව රුසියා -යුක්රේන අර්බුදයේ ප්‍රධාන වැරදිකරුවා බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම