ජනපති ධූරයට පත් වූ ෂී ජින්පිං මහතාට රටවල් රැසක නායකයන්ගෙන් තවදුරටත් සුබ පැතුම්
2023-03-16 10:19:28
Share with:

චීන ජනාධිපති ධූරයට පත්ව සිටින ෂී ජින්පිං මහතා වෙත රටවල් රැසක නායකයෝ ඇතුළු තවත් පිරිසක් සුබ පැතුම් පිරිනමති.

ෂී ජින්පිං මහතා‍ගේ පලපුරුදු නායකත්වය හමුවේ, ලෝකයේ ප්‍රධාන ආර්ථිකයක් හා ආර්ථික වර්ධන බලවේගයක් ලෙස චීනය අඛණ්ඩව වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති අතර ලෝක සාමයට වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි තායිලන්තයේ Vajiralongkorn රජු යොමු කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

ෂී ජින්පිං මහතාගේ ධූරකාලය තුළ මිත්‍ර චීන ජනතාව සංවර්ධනයට දක්වන අපේක්ෂා සාක්ෂාත් වනු ඇතැයි ටියුනීසියා ජනාධිපති Kais Saied මහතා සඳහන් කරයි.

චීනයේ ස්ථාවරය හංගේරියාව අගය කරන අතර, “එක් තීරයක් එක් මාවතක් ” වැඩපිළිවෙළට හා චීන-මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් සහයෝගිතාවට අඛණ්ඩව සහාය වන බව හංගේරියානු අගමැති Viktor Orbán මහතා පවසයි.

කටාරයේ එමීර්වරයා, එස්තෝනියාවේ ජනාධිපතිවරයා, ඉතියෝපියාවේ අගමැතිවරයා සහ ඕමානයේ සුල්තාන් කුමරුද ෂී ජින්පිං මහතාට සැබපැතුම් යොමු කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම