ණය අර්බුදය විසඳීමේ දී පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බවට ජනපති ණයහිමියන්ට සහතික වෙයි
2023-03-16 13:51:32
Share with:

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ දී සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ දී පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බාහිර ණයහිමියන්ට දැනුම් දෙයි. විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එසේම ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින්, රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාධනීය අයුරින් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දිරිමත් කර තිබේ.

මේ අතර, ද්විපාර්ශවික ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සියලු පාර්ශ්ව සමග සාධාරණ පොදු එකඟතා අනුව කටයුතු කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ලබන 20 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වූ පසු බලාපොරොත්තු වන ඉලක්කය වෙත යාම සඳහා ඔවුන්ගේ එකඟතාව ලබාගත හැකි බව ද ඔහු කියාසිටී.

ජනාධිපතිවරයා ද්විපාර්ශවික ණයහිමියන් සඳහා නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම