චීනය අංක 19 පරීක්ෂණ චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි
2023-03-16 09:04:29
Share with:

චීනයේ අංක 19 පරීක්ෂණ චන්ද්‍රිකාව සාර්ථකව ගුවන් ගත කෙරේ.

ඊයේ (15) රාත්‍රී චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට, Long March 11 ප්‍රවාහක රොකට්ටුවෙන් අංක 19 පරීක්ෂණ චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශ ගත කෙ‍රිණ. චන්ද්‍රිකාව සැලසුම් කළ පරිදි නියමිත කක්ෂයට ඇතුළු වී ඇති අතර, දියත් කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක විය.

අංක 19 පරීක්ෂණ චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් ඉඩම් සංගණනය, නාගරික සැලසුම්කරණය, ආපදා වැළැක්වීම සහ අවම කිරීම යන ක්ෂේත්‍රවල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂිතයි.

මෙය Long March ප්‍රවාහක රොකට් මාලාවේ 467 වන මෙහෙයුමයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම