ෂී ජින් පිං ජනපතිවරයාගේ නායකත්වය යටතේ චීනයෙන් ලොවට නව දිශානතියක් - පාකිස්ථාන ජනපති
2023-03-16 19:43:25
Share with:

ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ චීනය, ලෝකයට යහපත් දිශානතියක් දක්වා ඇතැයි පාකිස්ථාන ජනාධිපතිවරයා පවසයි.

පාකිස්ථාන ජනාධිපති Arif Alvi මහතා ඊයේ(15) ඉස්ලාමාබාද් අගනුවර දී චීන මාධ්‍ය සමූහය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසීය.

ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ චීනය ප්‍රශස්ත ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින්, ලෝකය යහපත් දිශානතියකට රැගෙන ‍යමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

ෂී ජින් පිං මහතා චීනයේ ජනාධිපති ධුරයට යළි පත්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් පිරිනමමින් Arif Alvi මහතා පැවසුවේ, චීන ජනතාව තම නායකයා සතු විශිෂ්ට රාජ්‍ය පාලන හැකියාව කෙරෙහි දක්වන ඉහළ පිළිගැනීම එයින්  පිළිබිඹු වන බවයි.

ෂී ජින් පිං මහතා යළි ජනපති ධුරයට පත්වීම චීනයටත්, සමස්ත ආසියානු කලාපයට මෙන්ම ‍ලෝකයටත් වැදගත් වන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම