‘චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය හා චීන-ඉරාන නව සංවර්ධන අවස්ථා’ සංසදය Teheran හිදී
2023-03-16 18:51:48
Share with:

‘චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය හා චීන-ඉරාන නව සංවර්ධන අවස්ථා’ සංසදය පැවැත්වෙයි. ඉරානයේ Teheran අගනුවර ඊයේ (15) පැවති එම සංසදය චීන මාධ්‍ය සමූහයේ මැදපෙරදිග වාර්තාකරණ මූලස්ථානයේ හා ඉරාන-චීන මිත්‍ර සංගමයේ පොදු ප්‍රයත්නයකි.

ඉරානයේ චීන තානාපති Chang Hua මහතා ඊට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. ඉරාන-චීන මිත්‍ර සංගමයේ සභාපතිවරයා සහ ඉරානයේ දේශපාලන, ශාස්ත්‍රීය සහ මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විද්වත්හු පිරිසක් ඊට සහභාගි වූහ.

චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය සන්ධිස්ථානගත වටිනාකමකින් යුතු බව එම විද්වතුන් පෙන්වා දී තිබේ. එමගින් ඉරානය ඇතුළු මැදපෙරදිග රටවලට චීනය සමග එක්ව සංවර්ධන අවස්ථා බෙදා ගැනීමටත්, පොදු සමෘද්ධිය ප්‍රවර්ධනයටත් මනා පිටුබලයක් සැපයෙන බව  ඔවුන්ගේ විශ්වාසය යි.

ඉරානයේ IRNA ප්‍රවෘත්ති ඒජන්සිය ඇතුළු ඉරානයේ ප්‍රධාන මාධ්‍ය රැසක් මෙම සංසදය පිළිබඳව වාර්තා කර තිබේ.



ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම