කෙන්යාවේ නියඟයෙන් විපතට පත් වූවන්ට ලෝක ආහාර වැඩසටහන යටතේ සහන
2023-03-16 10:11:47
Share with:

කෙන්යාවේ නියඟයෙන් විපතට පත් වූවන්ට සහන වශයෙන් ලෝක ආහාර වැඩසටහන ඇමරිකන් ඩොලර් මිලියන 54ක ආධාර මුදලක් ලබා දීමට සැරසේ.

මේ වන විට කෙන්යාවේ ප්‍රාන්ත 10ක පුද්ගලයින් නව ලක්ෂ හතලිස් දහසක පිරිසක් දැඩි නියඟයෙන් පීඩා විඳිති. අත්‍යවශ්‍ය ආහාර හා මුල්‍යාධාරය අප්‍රේල් මාසයත් සැප්තැම්බර් මාසයත් අතර කාලයේ දී විපතට පත් පුද්ගලයන් වෙත බෙදා දීමට පියවර ගන්නා බව ලෝක ආහාර වැඩසටහනේ කෙන්යාවේ කාර්යාල අධ්‍යක්ෂිකා Lauren Landis මහත්මිය පවසා ඇත.

වර්ෂා කාල පහක් අඛණ්ඩව අහිමි වූ තම රට වසර හතලිහක් තුළ ඉතා දරුණු නියං තත්ත්වයකට ගොදුරු වී සිටින බව කෙන්යා උප ජනාධිපති Rigathi Gachagua මහතා කියා සිටී. කෙන්යානු ජාතිකයෝ ලක්ෂ පනස් තුනක් පමණ කුසගින්නේ සිටින අතර දස දහස් සංඛ්‍යාත දරුවෝ මන්දපෝෂණයෙන් පීඩා විඳිති. ලක්ෂ විසි පහක පමණ ගෘහාශ්‍රිත සතුන් විපතෙන් මිය ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම