චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මානව සමාජයේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ නව සිතුවිලි සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යෝජනා කරයි
2023-03-16 20:33:09
Share with:

ඊයේ(15) පැවති චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මානව සමාජයේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ නව සිතුවිලි සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යෝජනා කළේය.

නවීකරණයේ අවසාන ඉලක්කය වන්නේ මිනිසාගේ නිදහස් හා සමස්ත සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. ශිෂ්ටාචාරය සහ දියුණුව මිනිසුන්ගේ ආශාවට අනුකූල විය යුතු අතර මානව සමාජයේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

නවීකරණය ඉටු කිරීමට උත්සාහ දැරීමේදී සියලු රටවල් සමගිය හා පොදු වර්ධනය පිළිබඳ සංකල්පයෙහි එල්බ සිටිමින් පොදුවේ සංවර්ධනය කිරීම හා පොදුවේ ජයග්‍රහණ බෙදාගැනීම පිළිබඳ ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

අනුන්ගේ පහන නිවා දැමීමට උත්සාහ කිරීමෙන් තමාට වැඩි ආලෝකයක් හිමිවන්නේ නැත. එසේම, අනුන්ගේ මාර්ගයට බාධක දමන්නේ  නම් තමාටත් දුර ගමනක් යා නොහැකි බව වටහාගත යුතු යැයි ද ඔහු විග්‍රහ කර ඇත.

නවීකරණය ඉටු කිරීමට උත්සාහ දැරීමේදී සියලු රටවල් සමගිය හා පොදු වර්ධනය පිළිබඳ සංකල්පයෙහි එල්බ සිටිමින් පොදුවේ සංවර්ධනය කිරීම හා පොදුවේ ජයග්‍රහණ බෙදාගැනීම පිළිබඳ ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

සංවාදයේදී ෂී ජින් පිං මහතා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යෝජනා කළේය. විවිධ ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ප්‍රවේශ හා සහජීවනය මානව සමාජයේ නවීකරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කොට ලෝකයේ ශිෂ්ටාචාර සමෘද්ධිමත් කිරීම සඳහා අනභිභවනීය කාර්යභාරයක් ඉටු කරන බව ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම