පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් චීනයෙන් පිරිනැමේ
2023-03-16 15:08:39
Share with:

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් පිරිනැමේ. එම රෙදි තොගය භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15)  ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරිණ.

එම පරිත්‍යාගයට අදාළ ලිපිලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්  මහතා වෙත බාර දෙනු ලැබීය.

අනතුරුව ජනාධිපතිවරයා එම පරිත්‍යාගය නිරීක්ෂණය කිරීමට ද එක්විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම