සෞදි අරාබිය හා ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ඇරඹීම යේමනයේ තත්ත්වය යහපත් කිරීමට ඉවහල් වනු ඇති බවට අපේක්ෂා
2023-03-16 10:14:54
Share with:

               සෞදි අරාබිය හා ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ඇරඹීම යේමනයේ තත්ත්වය යහපත් කිරීමට ඉවහල් වනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

               එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජ්‍ය නියෝජිත ගෙං ෂුවං මහතා ඊයේ (15) ආරක්ෂක මණ්ඩලය යේමන ප්‍රශ්නය පිළිබඳ පැවැත්වූ රැස්වීමකදී සිය අදහස් දැක්වීය.යේමනයේ වත්මන් ආරක්ෂක තත්ත්වය තවදුරටත්  අයහපත් තත්ත්වයක පවතී. යේමනයේ මානුෂීය හා සංවර්ධන තත්ත්වයන් වෙනුවෙන් වැඩි වශයෙන් ආධාර උපකාර ලබා දෙන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව ගෙං ෂුවං මහතා එහිදී කියා සිටියේ ය. එක්සත් ජාතීන‍්ගේ මානුෂීය මෙහෙයුම්වලට පනවා ඇති අසාධාරණ සීමා ඉවත් කරන ලෙස ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

               පසුගිය සතියේ චීනයේ බෙයිජිං නුවරදී සෞදි අරාබි හා ඉරාන නියෝජිත කණ්ඩායම් සාකච්ඡා පවත්වා වැදගත් ප්‍රතිඵල අත්කරගෙන ඇත. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කරන බව ද දෙපාර්ශ්වය ප්‍රකාශ කර තිබේ. එවන් රාජ්‍ය තාන්ත්‍රික සාර්ථකත්වයකින් කැළඹිලි සහගත වත්මන් ‍ලෝකයට ධනාත්මක පණිවිඩයක් නිකුත් වී ඇති බවත්, ඉන් යේමනයේ තත්ත්වය යහපත් කිරීමට හිතකර වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, එක්සත් ජාතීන්ගේ චීනයේ ස්ථාවර නියෝජ්‍ය නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම