පළාත් පාලන ආයතන පිළිබඳව ආණ්ඩුකාරවරු දැනුවත් කෙරෙති
2023-03-15 16:11:46
Share with:

පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩුකාරවරුන් සමග පැවති සාකච්ඡාවක දී අදාළ උපදෙස් දී ඇත.

ලබන 19 වනදායින් පසු පළාත් පාලන ආයතන 341 ක නිල කාලය කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතය. ඒ අනුව, මහනගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය එහි ලේකම්වරුන් යටතට පත්වනු ඇත. මෙම ආයතන මගින් දැනට ඉටුකෙරෙන සේවාවන් අඛණ්ඩව  ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණ.

මේ අතර ලබන 19 වන දිනට ප්‍රථම සියලු පළාත් පාලන ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් භාවිත කරන වාහන ඇතුළු රජයේ දේපළ යළි භාර දෙන ලෙසට ද දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම