ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ වැරදි සහගත ක්‍රියාවන්ට ආසියා පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය
2023-03-15 10:08:27
Share with:

ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ නායකයෝ පසුගිය 13වැනිදා හමුවී ඕස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීනවලින් සන්නද්ධ කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කළහ. ඇමරිකානු ඩොලර් බිලියන 245ක වියදමින් සම්පූර්ණ සැලැස්ම 2055 වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියානු හමුදා අධිකාරිය ප්‍රකාශ කළේය.

එම සැලැස්ම ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර, මාර්තු මාසයේ පැවති ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පාලක මණ්ඩලයේ රැස්වීමේ දී බොහෝ රටවල් මෙම සහයෝගීතාවයට දැඩි විරෝධයක් පළ කළේය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව සියලු පාර්ශ්වයන්ගේ අදහස් නොසලකා හරින අතර බහුපාර්ශ්වික සම්මුතියකට එරෙහිව ඒකපාර්ශ්වික ක්‍රියාවෙන් වැරදි සහ භයානක මාවතක තවදුරටත් ඉදිරියට ගමන් කරමින් ඇත. මෙම සැලැස්ම ක්‍රියාවට නැංවුවහොත් එය ආසියා පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට බිඳ දැමීමට සහ ජාත්‍යන්තර න්‍යෂ්ටික අවිහරණ පද්ධතියට ද බලපාන බව නොඅනුමානය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් තුන අපේක්ෂා කරන්නේ කුඩා කණ්ඩායමක් වශයෙන් ආසියා පැසිෆික් කලාපය තුළ හමුදාමය මූලෝපායික වාසියක් ගොඩනඟා ගැනීමට සහ කලාපීය ගැටුම් ඇති කරවීමේ නේටෝ සංවිධානයේ චර්යාව අනුපිටපත් කිරීමට ය. ආසියා පැසිෆික් කලාපය ලෝකයේ වඩාත්ම ගතික සහ වේගයෙන්ම වර්ධනය වන කලාපයක් බවට පත්වී ඇත්තේ සීතල යුද්ධයේ සෙවනැල්ල ඔවුන් විසින් බැහැර කිරීම නිසා බව කලාපයේ ජනතාවට කිසිදා අමතක නොවනු ඇත. ආසියා පැසිෆික් කලාපයේ වර්තමාන තත්ත්වය ඉතා යහපත් ය. එවන් අවස්ථාවක ආසියා පැසිෆික් කලාපයේ ජනතාව එය විනාශ කිරීමට කිසිවකුට කිසිවිටෙකත් ඉඩ නොතබනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම