චීනයේ සංවර්ධනය අභියෝගයක් යැයි සිතීම හාස්‍යයක්
2023-03-15 09:29:33
Share with:

චීනයේ සංවර්ධනය තමන්ට අභියෝගයක් යැයි අනියත බියක් ඇති කර ගෙන සිටින ඇතැම් පාර්ශ්වයන්ට චීන ජනාධිපතිව‍රයා 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ත සමුළුව අමතමින් කළ දේශනයෙන් කදිම පිළිතුරක් ලැබී ඇතැයි දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. චීනයේ සංවර්ධනය ලෝකයෙන් වෙන් කළ නොහැකි බව චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. චීනය සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කර විවෘත ලෝක ආර්ථිකයක් ගොඩ නගා ගත යුතු බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. මෙම ප්‍රකාශයෙන් චීනයේ පොදු සංවර්ධන අභිලාෂය යළිත් මනාව පැහැදිලි වී තිබේ. චීනයට ලෝකයත් ලෝකයට චීනයත් අත්‍යවශ්‍යයය. කොවිඩි වසංගත සමයේ සැපයුම් දාමයේ චීනය ඉටු කළ කාර්යභාරයෙන් මෙය යළිත් සනාථ විය. සංචාරක කර්මාන්තයෙන් ප්‍රතිලාභ ලබන රටවල් චීන සංචාරකයන් උණුසුම් ලෙස පිළිගනිමින් සිටී. මෙම කරුණු තුළින් සනාථ වන්නේ චීනයේ සංවර්ධනය අභියෝගයක් නොව ලොවට අවස්ථාවන් නිර්මාණය කිරීමක් බව ශිරාණි පෙරේරා මහත්මිය කියා සිටී. චීනයේ ‍විශාල‍ වෙළඳපොලත් වර්ධනය වෙමින් පවතින අති විශාල මධ්‍යම පන්තියත් මෙම අවස්ථාවන් අඛණ්ඩව ඉහළ නැංවීමට හේතු වී ඇත. එබැවින් චීන සංවර්ධනය ගැන අනියත බියක් ඇති නොකර ගනිමින් පොදු සංවර්ධන ඉලක්ක වෙත ලෝකය රැගන යාමට සියල්ලන් එකතුවීමේ කාලය එළඹ ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම