න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව අනුමත කරන ලෙස ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත කෙරෙන බලකිරීම්වලට දැඩි ලෙස විරුද්ධ වන බව චීනය කියයි
2023-03-15 17:26:22
Share with:

ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව සිය න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව අනුමත කරන ලෙස ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත කෙරෙන බලකිරීම්වලට දැඩි ලෙස විරුද්ධ වන බව චීනය කියා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව විසින් න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතා සැලැස්මක් ඊයේ(14) ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඉහළම න්‍යෂ්ටික අවිහරණ ප්‍රමිතීන්ට අවනත වන බවත්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ අදාළ ආරක්ෂක විධිවිධාන සාකච්ඡා කරන බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ. එසේම, ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Mariano Grossi පවසා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සහතික කිරීමේ ඉලක්කය සාක්ෂාත් කිරීම සඳහා ආරක්ෂණ ගිවිසුමේ 14 වැනි වගන්තියේ දක්වා ඇති විධිවිධාන පිළිබඳව එරට සමඟ සාකච්ඡා කරන බවයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් චීනය දැඩි අවධානයෙන් පසුවන බව ද Wang Wenbin මහතා පැවසීය.

න්‍යෂ්ටික අවිහරණය සහතික කිරීමේ වගකීම ප්‍රායෝගිකව ඉටු කරන ලෙසත්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ආරක්ෂණ හා අධීක්ෂණ පද්ධතියේ අධිකාරිත්වයට සහ එලදායිතාවට හානි නොකරන ලෙසත් චීනය එම රටවලින් ඉල්ලා සිටින බව ද Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම