ජනපති ධූරයට පත් වූ ෂී ජින්පිං මහතාට රටවල් හා ජාත්‍යන්තර සංවිධාන රැසක නායකයන්ගෙන් තවදුරටත් සුබ පැතුම්
2023-03-15 09:55:15
Share with:

චීන ජනාධිපති ධූරයට පත්ව සිටින ෂී ජින්පිං මහතා වෙත රටවල් හා ජාත්‍යන්තර සංවිධාන රැසක නායකයෝ ඇතුළු තවත් පිරිසක් සුබ පැතුම් පිරිනමති. ෂී ජින්පිං මහතාගේ පලපුරුදු නායකත්වය හමුවේ චීනය බොහෝ අභියෝග ජයගෙන දැවැන්ත දියුණුවක් ලබා ඇති බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. ෂී ජින්පිං මහතා යළි ජනපති ධුරයට පත්වීම නිසැකවම චීනයට නව දර්ශනයක් විවෘත කරනු ඇති බව ද හෙතෙම කීය. දෙරටේ මිත්‍රත්වයට වසර දහසකට අධික ඉතිහාසයක් ඇත. දෙරට සහයෝගිතාව තවදුරටත් සංවර්ධනය කරමින් දෙරටේ ජනතාවට වඩාත් වැඩි ප්‍රතිලාභ ගෙන දීමට හැකිවනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කරයි.

චීනයේ සංවර්ධනය පිළිබඳ ෂී ජින්පිං මහතා ගේ අභිලාෂයන් ගෙන් විවිධ ජයග්‍රහණ අත්වූ බව එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා සඳහන් කරයි. බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම‍, තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ චීනය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර හවුල්කාරීත්වය වැඩිදියුණු කිරීමෙන් ෂී ජින්පිං මහතාගේ ශක්තිමත් හා දූරදර්ශී නායකත්වය පිළිබිඹු වන බවද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම