මානවයන්ගේ පොදු වටිනාකම් ප්‍රවර්ධනය ශිෂ්ටාචාරගත දියුණුවකට මග කියනු ඇත - චීන ජනපති
2023-03-15 21:42:55
Share with:

මානවයන්ගේ පොදු වටිනාකම් ප්‍රවර්ධනය කළ යුතු බවත්  සාමය, සංවර්ධනය, සමානත්මතාව, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය, ස්වාධීනත්වය යන්න විවිධ රටවල ජනතාවගේ පොදු අභිලාෂය බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

ශිෂ්ටාචාරාත්මක උරුමය හා නිර්මාණශීලිත්වය පොදුවේ ඉදිරියට ගෙනයමින් විවිධ රටවල ‍ඉතිහාසයේ හා සංස්කෘතියේ නූතන වටිනාකම පූර්ණ වශයෙන් ගවේෂණය කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

 ශිෂ්ටාචාරාත්මක දියුණුව ළඟා කර ගැනීම සඳහා, ජාත්‍යන්තර මානව සංස්කෘතික හුවමාරු හා සහයෝගතා පුළුල් කරමින් ගෝලීය ශිෂ්ටාචාර අතර සංවාද හා සහයෝගතා ජාලයක් ගොඩනැගීමටත් උත්සාහ කළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අද (15) පැවති චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයේ දී දේශනයක් පවත්වමිනි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම