මේ වසරේ පළමු මාස 2ක තුළ චීන ආර්ථිකය ස්ථාවරව ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාවක් පෙන්වයි
2023-03-15 14:57:27
Share with:

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය අද(15) නිකුත් කළ සංඛ්‍යාලේඛනයට අනුව, මෙම වසරේ පළමු මාස 2ක තුළ ආර්ථික දර්ශක ගණනාවක යහපත්  ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. වසංගත වැළැක්වීම සහ පාලනය කඩිනමින් යථා තත්ත්වයට පත් වීම සහ ආර්ථිකය ස්ථාවර කිරීමේ ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක වීමත් සමඟ, සමස්ත ආර්ථික මෙහෙයුම ද ස්ථාවර ලෙස ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාවයක් ද නිරූපනය කෙරේ.

පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවල, චීනයේ කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය පසුගිය කාලසීමාවට වඩා සියයට 2.4කින් වැඩි වූ අතර, මෙය පසුගිය දෙසැම්බර් මාසයට වඩා සියයට1.1ක වර්ධනයකි. මෙම කාලය තුළ, ජාතික සේවා කර්මාන්ත නිෂ්පාදන දර්ශකය පසුගිය කාලසීමාවට වඩා සියයට 5.5 කින් වර්ධනය වී ඇත. එසේම සමාජ පාරිභෝගික භාණ්ඩවල මුළු සිල්ලර විකුණුම් වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 7.7 ඉක්මවූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා සියයට 3.5ක වැඩිවීමකි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම