"ශක්තිමත් කෘෂිකාර්මික රටක් ගොඩනැගීම සහ කෘෂිකාර්මික හා ග්‍රාමීය ප්‍රදේශ නවීකරණය" පිළිබඳ ලිපියක් චීන ජනපතිගෙන්
2023-03-15 16:13:43
Share with:

"ශක්තිමත් කෘෂිකාර්මික රටක් ගොඩනැගීම කඩිනම් කර කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය ප්‍රදේශ නවීකරණය ප්‍රවර්ධනය කිරීම " යන මැයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ලිපියක් ප්‍රකාශයට පත්කෙරේ.  එය හෙට (16) නිකුත් වන  Qiushi සඟරාවේ පළකෙරෙනු ඇත.

ශක්තිමත් කෘෂිකාර්මික රටක් ගොඩනැගීමේ ඉලක්කය පදනමක් ලෙස ගෙන කෘෂිකාර්මික හා ග්‍රාමීය කටයුතු උනන්දුවෙන් ග්‍රහණය කර ගත යුතු බව එම ලිපියෙන් පෙන්වා දී ඇත. ධාන්‍ය සහ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදනවල ස්ථාවර සහ ආරක්ෂිත සැපයුමක් සහතික කරමින් ග්‍රාමීය පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ප්‍රබල කෘෂිකාර්මික රටක් කඩිනමින් ගොඩනැගීම සඳහා විද්‍යාව, තාක්‍ෂණය සහ ප්‍රතිසංස්කරණය මත විශ්වාසය තබා ග්‍රාමීය නවීකරණය දැඩි ලෙස ප්‍රවර්ධනය කළ යුතුය. මේ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත නායකත්වය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ෂී ජින්පිං මහතාගේ  ලිපියෙන් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම