කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට පියවර
2023-03-15 13:56:49
Share with:

කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළව විකල්ප යෝජනා ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇත. කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබිණ.

රාජ්‍ය සේවකයන් දහස් ගණනක්  කොළඹ - මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාර්යක්ෂම සේවාවක් සැපයිය හැකි බව අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම