දීපව්‍යාප්ත වැඩවර්ජනයක් අද (15)
2023-03-15 14:19:48
Share with:

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ වනවිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ නව බදු සංශෝධන හා විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය දැක්වීම සහ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එය ක්‍රියාත්මක කර ඇත. වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් දීපව්‍යාප්ත වර්ජනය  සංවිධානය කර ඇත. සියලුම පාසල්වල ද එය ක්‍රියාත්මක බව ගුරු හා විදුහල්පති සංගම් පවසයි.

පවතින වර්ජන තත්ත්වය යටතේ වුව ද  උදෑසන 8.00 වනවිට දුම්රිය ගමන්වාර 20 ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම