Nord Stream ගෑස් නල මාර්ගය පිපිරීමේ සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර සමීක්ෂණයක් ඇරඹීමට සහාය වීමට චීනය සූදානම්
2023-03-15 16:57:45
Share with:

Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය පිපිරීමේ සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර සමීක්ෂණයක් ආරම්භ කිරීමට සහාය වන බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(15) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය අන්තර්ජාතික වශයෙන් අතිශය වැදගත් යටිතල පහසුකමකි. එය පිපිරීමේ සිද්ධියෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළට හා ජෛව පරිසරයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ පිළිබඳව විෂයමූලික, සාධාරණ හා වෘත්තීය සමීපක්ෂණයක් පවත්වා වගකීම් පැහැදිලි කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව වං වෙන්බින් මහතා පෙන්වාදෙයි.

වැඩිම අධිකාරි බලය සහ නියෝජනය සහිත ජගත් ආයතනය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය එම සිද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සමීක්ෂණයක් ඇරඹීමට සහාය වෙමින්, අන්තර්ජාතික යටිතල පහසුකම් ආරක්ෂාව සහතික කිරීම සඳහා සංවර්ධනාත්මක මෙහෙවරක් ඉටු කිරීමට චීනය සූදානම් බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම