විදේශිකයන්ට චීනයට ප්‍රවේශවීමේ ප්‍රතිපත්ති තවදුරටත් පුළුල් කෙරේ
2023-03-15 09:24:09
Share with:

අද (15) අලුයම සිට විදේශිකයන්ට චීනයට පැමිණීම සඳහා වීසා හා ප්‍රවේශ වීමේ නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක බව චීන විදේශ අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ඒ අනුව, 2020 වසරේ මාර්තු මස 28 වනදාට පෙර නිකුත් කළ මෙන්ම වලංගු කාල සීමාව තුළ පවතින වීසා සහිත පුද්ගලයන්ට චීනයට යළි ප්‍රවේශ වීමේ පහසුකම් පුනරුත්ථාපනය කෙරිණ. එමෙන්ම, විදේශ රටවල පිහිටි චීන වීසා නිකුත් කිරීමේ ආයතන, විදේශිකයන්ට චීනයට පැමිණීම සඳහා විවිධ වර්ගයේ වීසා පරීක්ෂණ කටයුතු හා වීසා නිකුත් කිරීම යළි ආරම්භ කෙරිණ.

එම ප්‍රතිපත්ති මගින් ඉදිරියේදී දෙස් විදෙස් පුද්ගල සංචාර වඩා පහසු වනු ඇත. චීනය කොවිඩ් 19 වසංගත පාලනය කිරීමේ පියවර ලිහිල් කිරීමෙන් පසු චීනයේ ආගමන හා විගමන පරිපාලනය, විදෙස් සංචාරය කිරීම, ජාත්‍යන්තර ගුවන් සේවා යන ප්‍රතිපත්ති අඛණ්ඩව සකස් කරමින් දෙස් විදෙස් පුද්ගල සංචාර වඩා පහසු කිරීමට පියවර ගනිමින් සිටී. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම