මැදපෙරදිග සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කරගැනීමට චීනය ලබාදෙන සහායට ඉරානයේ පැසසුම්
2023-03-14 16:18:19
Share with:

දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඉරානය සහ සෞදි අරාබිය එකඟ වීමේ ක්‍රියාවලිය තුළ චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව ඉරානය පවසයි. එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Nasser Kanani මහතා ඊයේ (13) කළ අදහස් දැක්වීමක දී පෙන්වා දුන්නේ එම සබඳතා මැදපෙරදිග කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව උදෙසා බොහෝ සෙයින් බලපාන බව යි. 

මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ඊයේ (13)  පැවති මාධ්‍ය හමුවකදී ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Nasser Kanani මහතා කියාසිටියේ, චීනය ඉතා කැමැත්තෙන් ඉරාන සහ සෞදි අරාබි නියෝජිතයින් පිළිගෙන, දෙරටට තොරතුරු හුවමාරු කර ගැනීමට සහාය වන බවයි. එසේම දෙරට අතර සාර්ථක සංවාදයක් පැවැත්වීමට සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීම සඳහා චීනය ප්‍රශස්ත වේදිකාවක් සපයා ඇතැයි ද ඔහු පැවසීය.

චීනය විසින් ඉටුකරන ලද කාර්යභාරය ඉරානය අගය කරන බව ද Nasser Kanani  මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම