චීනයේ ‘ජාතික සැසිවාර දෙකෙන්’ ලෝකයට ‍ගෙන එන වසන්තයේ උණුසුම
2023-03-14 11:19:39
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය 13වනදා බෙයිජිංහි දී අවසන් විය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමාප්ත සමුළුව අමතමින් වැදගත් දේශනයක්  කළේය. රටේ සංවර්ධනය හා ජාතික පුනර්ජීවන ක්‍රියාදාමය තුළ, ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම හා ඉහල මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනයෙහි ස්ථිරව නියැළී සිටිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

වර්තමානයේ චීන ආර්ථිකය ‍අධික වේගයෙන් වර්ධනය වීමේ අදියරක සිට ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධන අදියරට පිවිස තිබේ. විද්‍යා තාක්ෂණික ස්වයං හැකියාව ඉහල නංවමින් කර්මාන්ත ප්‍රතිව්‍යුහගත කිරීමේ සිට ආර්ථික සමාජ සංවර්ධනයේ හරිතකරණය හා අඩු-කාබන්කරණය දක්වා, ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයෙහි චීනය ලද ජයග්‍රහණ කැපී පෙනේ. වසර 2022කේ චීනයේ අධිනව තාක්ෂණික නිෂ්පාදිත, අධි එකතු කළ වටිනාකම් සහිත භාණ්ඩ හා හරිතකරණ නිෂ්පාදිත, නව අපනයන වර්ධන අංග බවට පත්වී ති‍‍බේ. විදුලි මෝටර් රථ හා ප්‍රකාශ වෝල්ටීය නිෂ්පාදිත අපනයනය වසරින් වසරට වෙන් වෙන්ව සියයට 131.8කින් හා සියයට 67.8කින් වැඩි වීම ඊට මනා උදාහරණයකි.

ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථික ස්වභාවය වශයෙන් ගෙවී ගිය දශකයක් තුළ චීනය ලෝක ආර්ථික වර්ධනයට සිදු කළ සාමාන්‍ය දායකත්වය සියයට 30ක් ඉක්මවා ගොස් ඇත. ඉහල ප්‍රමිති සහගත නිදහස් වෙළඳ කලාප ජාලය ව්‍යාප්ත කිරීම, ‘ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, කැන්‍ටන් සල්පිල, ජාත්‍යන්තර සේවා කර්මාන්ත ප්‍රදර්ශනය, ජාත්‍යන්තර පරිභෝජන භාණ්ඩ ප්‍රදර්ශනය’ පැවැත්වීම, ‘එක් තීරයක් එක් මාවතක්’ වැ‍ඩපිළිවෙළේ සාමාජික රටවල් සංඛ්‍යාව වැඩි කිරීම වැනි පියවර මගින් චීනය ඉහල මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී.  පසුගිය වසරේ චීනය ප්‍රායෝගික භාවිත විදේශ ආයෝජන වටිනාකම, ඇ.ඩො. බිලියන 50කට ආසන්නය. විදේශ ආයෝජකයින් චීන වෙළඳපොල කෙරේ දරන සුබවාදී ආකල්පය වෙනස්වී නොමැති බවට මෙය පැහැදිලි සාක්ෂියකි. 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම