විදේශිකයන්ට චීනයට ප්‍රවේශවීමේ පහසුකම් පුළුල් කරමින් වීසා ප්‍රතිපත්ති යළි සැකසේ
2023-03-14 11:11:47
Share with:

මාර්තු මස 15 වැනිදා සිට විදේශ රටවල පිහිටි චීන වීසා නිකුත් කිරීමේ ආයතන, විදේශිකයන්ට චීනයට පැමිණීම සඳහා විවිධ වර්ගයේ වීසා නිකුත් කිරීම හා වීසා පරීක්ෂණ යළි ආරම්භ කරන බව චීන විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලය නිවේදනය කරයි. 

දෙස් විදෙස් පුද්ගල සංචාර වඩා පහසු කිරීම සඳහා බෙයිජිං වෙලාවෙන් 2023 වසරේ මාර්තු මස 15 වනදා අලුයම සිට විදේශිකයන්ට චීනයට පැමිණීම සඳහා වීසා හා ප්‍රවේශ වීමේ ප්‍රතිපත්ති සකස් කිරීමට නියමිතය. 

ඒ අනුව 2020 වසරේ මාර්තු මස 28 වනදාට පෙර නිකුත් කළ මෙන්ම වලංගු කාල සීමාව තුළ පවතින වීසා සහිත පුද්ගලයන්ට චීනයට යළි ප්‍රවේශවීමේ පහසුකම් පුනරුත්ථාපනය කෙරේ. 

විදේශ රටවල පිහිටි චීන වීසා නිකුත් කිරීමේ ආයතන විදේශිකයන්ට චීනයට පැමිණීම සඳහා විවිධ වර්ගයේ වීසා පරීක්ෂණ හා නිකුත් කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීම ද එම පියවරයන්ට ඇතුළත් වෙයි. 

රේගුවල පිහිටි වීසා නිකුත් කිරීමේ ආයතන නීත්‍යනුකූල හේතු පදනම්ව වීසා පරීක්ෂණ හා නිකුත් කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීම ද සිදු කෙරේ. 

හයිනාන් පළාත වෙත වීසා රහිතව ප්‍රවේශ වීම, ශැන්හයි මගී නැව් සඳහා වීසා රහිත ප්‍රවේශ වීම, හොංකොං සහ මැකෞ විශේෂ පරිපාලන කලාප වල සිට කණ්ඩායම් වශයෙන් Guangdong පළාත වෙත ඇතුළු වන විදේශිකයන්ට වීසා රහිතව ප්‍රවේශය සහ Guangxi Zhuang ස්වායත්තයේ Guilin නගරයට ආසියාන් සංචාරක කණ්ඩායම් සඳහා වීසා රහිත ප්‍රවේශය යන ප්‍රතිපත්ති ද යළි ක්‍රියාවට නංවා තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම