ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාවට චීනයේ විරෝධය
2023-03-14 17:28:50
Share with:

ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන  සහයෝගිතා ක්‍රියාවට නැංවීම නොකළ යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර ඊනියා ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරිත්වය ස්ථාපිත කරමින්, න්‍යෂ්ටික සබ්මැරීන ඇතුළු අතිනවීන යුද තාක්ෂණික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර න්‍යෂ්ටික අවිහරණ පද්ධතිය අඩපණ කර කලාපීය සාමය හා ස්ථාවරත්වයට දැඩි බලපෑම් එල්ල කරන බව Wang Wenbin මහතා එහිදී පෙන්වා දුන්නේය. එම රටවල් තුන විසින් නිකුත් කරන ලද නවතම ඒකාබද්ධ ප‍්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ, ඔවුන් තම භූ දේශපාලනික ආත්මාර්ථකාමීත්වය වෙනුවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවේ මතය මුළුමනින්ම නොසලකා හරින බව යි.

ජගත් ප්‍රජාවේ සහ කලාපීය රටවල අදහස් හා යෝජනා සලකන ලෙසත්, සීතල යුද්ධයේ මානසිකත්වය සහ පටු භූ දේශපාලන සංකල්ප අත්හැර, කලාපීය හා ලෝක සාමය සහ ස්ථාවරත්වයට හානි වන ක්‍රියාවලින් වළකින ලෙසත් චීනය එම රටවල් තුනෙන් ඉල්ලා සිටින බව ද Wang Wenbin මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම