නේපාල නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-03-14 17:42:08
Share with:

නේපාලයේ නව ජනාධිපති Ram Chandra Poudel මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  සුබ පැතුම් පිරිනමයි.

එම සුබ පැතුම් පණිවුඩය අද(14) යොමුකර තිබේ.

1955 වසරේ චීන-නේපාල රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමෙන් පසු දෙරට සබඳතා විධිමත් හා ස්ථීර වර්ධනයක පවතින බවත්, එම සබඳතාව විශාල සහ කුඩා රටවල් අතර සාමකාමී සහජීවනය, මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගය සඳහා ආදර්ශයක් සපයා ඇති බවත් ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.

චීන-නේපාල සබඳතාව ඉහළින් අගය කරන තමා, Poudel මහතා සමඟ එක්ව දෙරට සාම්ප්‍රදායික මිත්‍රත්වය ප්‍රචාරය කොට, ‍දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී. එ‍සේම, චීනය හා නේපාලය "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ අධිගුණාත්මකව හා ඒකාබද්ධව ගොඩනගමින් දෙරට අතර මානව හුවමාරු හා සහයෝගිතා පුළුල් කළ යුතුය. දෙරට උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම තම බලාපොරොත්තුව බව ද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම