ඉන්දීය නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර
2023-03-14 15:24:59
Share with:

ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ තෙවැනි අදියරේ නිවසක් ඉදිරිකිරීමේ පිරිවැය තුන් ගුණයකින් ඉහළ දැමීමට තීරණය කෙරේ.

මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවක දී මෙම එකඟතාව පළවිය.

ඉන්දීය රජය ආධාර යටතේ වතුකරයේ  නිවාස 4,000ක් මේ වනවිට ඉදිකෙරෙමින් පවතී. නව එකඟතාව මත ඉදිකිරීම් කඩිනම් කෙරෙනු ඇත. ව්‍යාපෘතියේ පළමු සහ දෙවැනි අදියරවල දී විවිධ ප්‍රදේශවල නිවාස 46,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකෙරුණු අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් මත වතුකරයේ නිවාස 10,000 ක් ඉදිකිරීම මීළඟට ඇරඹීමට නියමිතය.

වතුකරයේ පදිංචිව සිටින ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරෙන සන්ධිස්ථානගත අවස්ථාවක රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක යි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම