ඇමරිකාවේ Silicon Valley හා Signature බැංකු වසා දැමීමෙන් එර‍ට කොටස් වෙළඳපොලට අහිතකර බලපෑම්
2023-03-14 09:50:50
Share with:

ඇමරිකාවේ Silicon Valley බැංකුව පසුගිය 10 වැනිදා වසා දැමිණ. 2008 වසරේ මූල්‍ය අර්බුදයෙන් පසුව වසා දැමුණු ඇමරිකාවේ විශාලතම බැංකුව මෙයයි.

“පද්ධති අවදානම” හේතුවෙන් ඇමරිකාවේ Signature බැංකුව ද පසුගිය 12 වැනිදා වසා දමන බවට නිවේදනය කෙරිණ.

එහි බලපෑම හේතුවෙන් ඊයේ (13) කොටස් වෙළෙඳ පොළ අවසානයේ ඇමරිකාවේ බැංකු රැසක කොටස් මිල සීග්‍රයෙන් පහළ ගියේය. යුරෝපයේ බැංකු කොටස්වලද විශාල පහළ යාමක් සිදුවිය.

Silicon Valley බැංකුව වසා දැමීමට ප්‍රධාන හේතුව ෆෙඩරල් සංචිතය පොලී අනුපාත අඛණ්ඩව ඉහළ දැමීම බවත්, ඉන් එම බැංකුව සතු බැඳුම්කර ඇතුළු මූල්‍ය වත්කම්වල වෙළෙඳපොළ මිල ගණන් අඛණ්ඩව පහත වැටී ඇති බවත් ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් Janet Yellen මහත්මිය පසුගිය 12 වැනිදා සඳහන් කළාය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම