බෙලරුසියාව සමඟ සම්බාධක විරෝධී අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බව ඉරාන ජනාධිපති ප්‍රකාශ කරයි
2023-03-14 10:04:19
Share with:

         

         බෙලරුසියාව සමඟ සම්බාධක විරෝධී අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බව ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා පවසයි. ඔහු එසේ පැවසුවේ ඊයේ(13) සංචාරයක් සඳහා ඉරානයට පැමිණ සිටි බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා සමඟ ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය. ඉරානය හා බෙලරුසියාව ඒකපාර්ශ්වවාදයට විරුද්ධ වන බවත්, ස්වාධීන රටවල් අතර පවතින ඵලදායී හා සංවර්ධනාත්මක සන්නිවේදනය සම්බාධකවලට එරෙහි වන හොඳ විසඳුමක් බවත්, Ebrahim Raisi ජනාධිපතිවරයා එහි දී කියා සිටියේ ය. කර්මාන්ත, පතල් කැණීම්, වෙළඳාම, කෘෂිකර්මාන්තය සහ මහාමාර්ග ඉදිකිරීම ඇතුළු ක‍්ෂේත්‍රවල ඉරානය හා බෙලරුසියාව ගිවිසුම් රැසකට අත්සන් තබා ඇත. එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම හරහා ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරටේ යහපත සහතික කරනු ඇතැයි බලාපොරොත්තුව වන බව ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

          Alexander Lukashenko ජනාධිපතිවරයා එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්නවල දී බෙලරුසියාව හා ඉරානය සමාන ස්ථාවරයක සිටින බවයි. සාධාරණ බහුපාර්ශ්වික ලොවක් ගොඩ නැගීමට දෙපාර්ශ්වයම අපේක්ෂා කරන බව බෙලරුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම