ජනපතිගෙන් චීන ජනපතිට සුබ පැතුම්
2023-03-14 14:14:28
Share with:

තුන්වන ධුර කාලය සඳහා තේරී පත්වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පළ කරයි.

ෂී ජින්පිං මහතාගේ පළපුරුදු  නායකත්වය හමුවේ චීනය බොහෝ අභියෝග ජයගෙන දැවැන්ත දියුණුවක් ලබා ඇති බව ජනාධිපතිවරයා කියාසිටී. එසේම තම තුන්වන ධුරකාලය තුළ ෂී ජින්පිං මහතා  නිසැක වශයෙන්ම චීනයට නවමු දර්ශනයක් විවෘත කරනු ඇතැයි විශ්වාස කරන බව ද එහි සඳහන් ය. වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමේ දී, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ  ක්‍රියාවලියේ දී චීනය දක්වන සහයෝගය ජනාධිපතිවරයා අගය කළේය.

දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාව  අඛණ්ඩව වර්ධනය වී දෙරටේම ජනතාවට ප්‍රතිලාභ අත්පත් කරදීමට හැකිවෙනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි. දෙරට සහයෝගිතාව ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත්ව වර්ධනය වනු ඇති බවත්, චීන ජනාධිපතිවරයාට අවංක සුබ පැතුම් පළ කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම