නව ගමනක් සඳහා වන ජාතියේ හඬ අවදි කළ චීන ජනපති දේශනය
2023-03-14 13:59:50
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඊයේ(13) බෙයිජිං හිදී අවසන් විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමාප්ත සමුළුව අමතමින් අවධාරණය කළේ, ශක්තිමත් රටක් ගොඩනැගීමේ සහ ජාතික පුනර්ජීවනයේ ඓතිහාසික වගකීම අප පරපුරට පැවරී  ඇති බවයි. තමා ජනාධිපතිවරයා ලෙස සේවය කරන තුන්වැනි වතාව මෙය බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. ජනතාවගේ විශ්වාසය සුරැකීම, ඉදිරියට  යාමේ විශාලතම ගාමක බලවේගය මෙන්ම දැඩි වගකීමක් ද වන බව හෙතෙම පැවසීය.

2013 වසරේ මාර්තු මස 17 වැනිදා, ජනාධිපති ධුරයට අලුතෙන් පත්වූ ෂී ජින් පිං මහතා 12වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ත සමුළුවේදී දේශනයක් පැවැත්වූ අතර, චීන සිහිනය සැබෑ කර ගැනීම සඳහා රට පුරා සිටින සියලුම ජනවාර්ගික කණ්ඩායම් බලමුලු ගැන්වීමේ මුලපිරුමක් නිකුත් කළේය. 2018 වසරේ මාර්තු මස 20 වැනිදා, චීන ජනාධිපති ලෙස නැවත තේරී පත් වූ ෂී ජින් පිං මහතා, 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ත සමුළුවේදී ශ්‍රේෂ්ඨ චීන ජනතාව සහ චීන ජාතියේ ශ්‍රේෂ්ඨ ජාතික ආත්මය හැඟීමෙන් යුතුව වර්ණනා කළේය.

මෙම වසර චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ හරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන පළමු වසරයි. පළමු වසර තුළ පැවති චීන ජාතික සැසිවාර දෙක චීන ආකාරයේ නවීකරණය සඳහා චීන ජනතාවගේ නව අපේක්ෂාවන් ගෙනහැර දක්වයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ ගේ දේශනයෙන් නව ගමනක් සඳහා වන ජාතියේ හඬ අවදි කෙරිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම