ද්විපාර්ශ්වික සබඳතාව යථා තත්ත්වයට පත්කිරීම උදෙසා ඇමරිකාව අවංක විය යුතු බව චීනය කියයි
2023-03-14 17:28:31
Share with:

චීන-ඇමරිකානු සබඳතාව යථා තත්ත්වයට පත්කිරීම උදෙසා ඇමරිකාව අවංක ව ක්‍රියා කළ යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ ය.

චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා පවත්වාගෙන යමින් සිටින බව ද ඔහු පැවසීය. එම සාකච්ඡාවල වටිනාකම වන්නේ අන්‍යොන්‍ය අවබෝධය තහවුරු කරමින් මතභේද තුරන් කිරීම යි. සිය සැබෑ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය ඔස්සේ දෙරට අතර සබඳතාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඇමරිකාව අවංක ව පෙනී සිටිය යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම