චීන කොමියුනිස්ට් පක්ෂය සහ වෙනත් රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයට චීන ජනපති එක්වෙයි
2023-03-13 14:57:52
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය සහ ලොව වෙනත් රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහභාගි වන බව නිවේදනය කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂය සහ ලෝක දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදය එළඹෙන 15 වැනිදා බෙයිජිං හිදී වීඩියෝ ආකාරයෙන් පැවැත්වීමට නියමිත බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු ප්‍රකාශක Hu Zhaoming මහතා අද(13) ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා එම සංවාදයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිතයි. මෙවර සංවාදයේ ප්‍රධාන තේමාව වන්නේ“නවීකරණ මාර්ගය: දේශපාලන පක්ෂවල වගකීම”යන්න යි.  ඇරයුම් අනුව, රටවල් රැසක දේශපාලන පක්ෂ සහ සංවිධානවල නායකයන් ඊට සහභාගි වනු ඇතැයි ද Hu Zhaoming මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම