සෑමවිටම තම හදවතේ ඉහළම තැන ජනතාවට හිමි බව චීන ජනපති කියයි
2023-03-13 19:51:00
Share with:

තුන්වන වරටත් චීන ජනාධිපති ධුරයට තේරී පත් වූ ෂී ජින් පිං මහතා  රටේ ඉහළම රාජ්‍ය බලායතනය වන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයේ සමාප්ති සමුළුවේ දී දේශනයක් පවත්වයි. උළෙල අද (13) බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

ෂී ජින් පිං මහතා මෙහිදී  කියා සිටියේ ජනතා විශ්වාසය තමාට ඉදිරියට යාමට ඇති ප්‍රබලම ගාමක බලවේගය වන අතර, එය තමා වෙත පැවරෙන භාරදූර වගකීමක් ද වන බවයි. මහජන නියෝජිතයන්ගේ සහ රටේ සියලුම ජනවර්ගවල ජනතාවගේ ඉහළ විශ්වාසයට අනුව ජීවත් වීමට තමා කිසිවිටෙකත් අසමත් නොවනු ඇතැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනතාව තමා එවැනි ඉහළ ස්ථානයකට පත් කළ බවත්, සෑමවිටම හදවතේ ප්‍රමුඛ තැන ජනතාව තබාගන්නා බවත් චීනයේ ඉහළම නායකයා බවට පත්වීමෙන් පසු ෂී ජින් පිං මහතා  පැවසීය.

ජනාධිපතිවරයා තම දේශනයේ දී ඓතිහාසික වගකීම පිළිබඳ දැඩි හැඟීමක් ද පෙන්නුම් කළේය.  "ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතියේ පුනර්ජීවනය තහවුරු කිරීම" සහය දිවීමේ තරඟයකට සමාන කළ හෙතෙම එහි බැටන් පොල්ල තමාගේ පරම්පරාවට ඓතිහාසිකව පවරා දුන්නේය.  ෂී ජින් පිං මහතා මෙහිදී ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන්ට සහ රටේ සියලුම ජනවර්ගවල ජනතාවට ප්‍රතිඥා දුන්නේ, නව ගමනේදී කාලයට සහ ජනතාවට ගැලපෙන ජයග්‍රහණ හිමි කර දී, ශක්තිමත් රටක් සහ ජාතික පුනර්ජීවනයක් උදෙසා නිසි දායකත්වය ලබා දෙන බවට යි. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ තමාගේ දැක්ම නැවත වරක් පැහැදිලි කළ ජනාධිපතිවරයා චීනයේ සංවර්ධනයෙන් ලෝකයට ප්‍රතිලාභ ලැබෙන අතර, චීනයේ දියුණුව ලෝකය නොමැතිව සාක්ෂාත් කරගත නොහැකි බව ද පැවසීය. චීනය සාමය, සංවර්ධනය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන ධජය ඉහළට ඔසවා මානව වර්ගයාගේ පොදු වටිනාකම් ක්‍රියාවට නංවමින්,ගෝලීය පාලන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දී , විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරන බව ද  ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම