ජනතාවගේ විශ්වාසය කිසි විටෙකත් බිඳ නොහෙළන බව චීන ජනපති අවධාරණය කරයි
2023-03-13 10:39:53
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ සමාප්ත සමුළුව පැවැත්වේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමාප්ත සමුළුව අමතමින් මෙවර සැසිවාරයේ දී යළි චීන ජනාධිපති ධූරයට තමා  තේරී පත් වීම පිළිබඳ විවිධ නියෝජිතයන් හා සියළු චීන ජාතිකයන්ගේ විශ්වාසය වෙත ස්තුතිය පළ කළේය. තමා ජනාධිපතිවරයා ලෙස සේවය කරන තුන්වැනි වතාව මෙය බව ෂී ජින් පිං මහතා පැවසීය. ජනතාවගේ විශ්වාසය, ඉදිරියට  යාමේ විශාලතම ගාමක බලවේගය මෙන්ම දැඩි වගකීමද වෙයි. තම යුතුකම් ඉටු කරමින් මුළු හදවතින්ම කැප වෙමින් සියළු නියෝජිතයන් හා ජනතාවගේ විශ්වාසය කිසි විටෙකත් බිඳ නොහෙළන බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම